
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටදී කුලී තීරෝද රථ රියදුරුව තවත් පිරිසක් සමඟ එක්ව පැහැරගෙන ගොස් පහරදී මහමග දමා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.
මුල්ලේරියාව ප්‍රදේශයේ සිට පිරිමි පුද්ගලයන් තිදෙනකු පෑලියගොඩ ප්‍රදේශයට කුලී ගමනක් රැගෙන ආ බවත් පෑලියගොඩ බියගම පාර කළු පාලම ආසන්නයේ දි පැමිණි එක් පුද්ගලයකුත් තීරෝද රථයෙන් බැස මුදල් නොදී යාමට උත්සාහ කිරීමේදී රියදුරු ඊට විරුද්ධ වී බහින්බස්වීමක් සිදුවී ඇති අතර එය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තීරෝද රථයට ද අලාභානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd