
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපිට මහමග ගමන් ගන්නා ජනතාවට ගිමන් නිවා ගැනීමට සකසා ඇති ස්ථානයට ත්‍රිරෝද රථයක් පදවා පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදීම හිටි හැටියේ මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද පෙරවරුවේ මෙම සිදුවීම වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල ගෝවින්ද ප්‍රදේශයේ පදිංචිවසිටි අයකු බව සිදුකළ මූලික පරීක්ෂණය හඳුනාගත් බව බේරුවල පොලිසියේ අපරාධි අංශ ස්ථානාධිපතිවරයා පැවසීය.
මියගිය තැනැත්තා බේරුවලට මාළු රැගෙන යාමට පැමිණි අයෙකු බව විශ්වාස කරන බවත් එම ත්‍රිරෝද රියේ මසුන් පෙට්ටි තුනක්ද තිබුණු බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd