(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ මල්ලැහැව මාර්ගයේ කොට්ටල ප්‍රදේශයේ දී කාන්තාවක පැදවූ ත්‍රිරෝද රිය පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීමෙන් එම කාන්තාව හා ඇගේ දරු දෙදෙනා මරණයට පත්ව තවත් යුවළක් තුවාල ලබා ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මිය ගිය කාන්තාව හා දරු දෙදෙනා ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම පිරිස තවත් යුවළක සමඟ කුරුණෑගල බලා ගමන් කර ඇති බවත් කිසියම් හේතුවක් මත මාර්ගයෙන් ඉවතට ගිය ත්‍රිරෝද රථය විදුලි කණුවක ගැටී කුඹුරකට පෙරළී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරින් ත්‍රිරෝද රථය සුන්බුන් ගොඩක් බවට පත් වී ඇත.
තුවාලකරුවන් වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇති අතර කාන්තාව හා වයස අවුරුදු එකහමාරක සහ නවය හමාරක පිරිමි දරු දෙදෙනා එහි දී මරණයට පත් වී ඇත.බරපතල තත්ත්වයේ පසු වූ අනෙක් කාන්තාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඇගේ සැමියා සුළු තුවාල ලබා දිවි බේරා ගැනීමට සමත් වී ඇත.
මරණ පරීක්ෂණ අද වතුපිටිවල මූලික රෝහලේ දී රෝහලේ දී පැවැත්වීමට නියමිත ය.
මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථය පාරෙන් ඉවතට පැන කුඹුරට පෙරළී ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවෙන් ද හෙළිවූ බව පොලිසිය සඳහන් කළේය.
වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රථයක් කාන්තාවක් විසින් ඔච්චර දුරක් පදවාගෙන යෑම කොහෙත්ම සුදුසු නැහැ. මොකද කුරුණෑගල කියන්නේ සෑහෙන දුරක්... ඔය ගැන ඔවුන්ට අවවාද කරන්න කරන්න හිටපු නැති එක කණගාටුයි.