
(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව පොලිස් ස්ථානවල ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන ලෙස බලශක්ති අමාත්‍යංශය කළ දැනුම්දීම සමඟ පොලිස් ස්ථානවලට යන ඇතමුන්ට ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අයිතිය නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
ත්‍රීරෝද රථ රියදුරන් පවසන්නේ ත්‍රීරෝද රථවලින් සියයට 10 ක් පමණ වර්තමාන අයිතිකරු ලියාපදිංචි අයිතිකරු නොවන බවත් මෙම නව ඉන්ධන ලියාපදිංචිය හේතුවෙන් අයිතිකරු මාරු කිරීමට ද මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත්ය.
ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රීරෝද රථයේ ලියාපදිංචි හිමිකරු ආසන්නතම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වියයුතු බවත් එක් පොලිස් ස්ථානයක ත්‍රීරෝද රථ 250 ක් පමණක් ලියාපදිංචි කරන බවත් පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථ රියදුරන් අද (27) පෙරවරුවේ සිට ලියාපදිංචිවීම සඳහා පොලිස් ස්ථානවලට පැමිණෙමින් සිටින අතර කොළඹ නගරයේ පොලිස් ස්ථානවල තදබදයක් ද පැවතුණි.
කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ ත්‍රීරෝද රථ ලියාපදිංචි කළ ආකාරය ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ... මෙයාලා නිසා තමයි අපිටත් තෙල් නැත්තේ. මේ දවස්වල මෙයාලගේ ජොබ් එක ත්‍රීවිල් එලවන එක නෙවෙයි.. තෙල් ගිනි ගණන් වලට විකුණන එක. සමහර අය පෝලිමේ ඉද්දීත් තෙල් විකුණනවා. මීට වඩා නියාමනය කරන්න ඕනේ ශ්‍රී ලංකා ත්‍රී රෝද රථ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව..
ත්‍රීවිල් කියන්නේ වෙනම උප සංස්කෘතියක්. හරියට ගඳ ගහන කුණු ගොඩක් වගේ... කලාතුරකින් තමයි වැදගත් මනුස්සයෙක් ඒ අතර ඉන්නේ. මෙයාගේ හොර වැඩ නිසානේ ඉන්ධන ප්‍රශ්නය මෙච්චර දුර ගියේ. මෙවැනි නියාමනයක් තිබීම නම් ඉතා හොඳයි. තව තව හොර අහුවෙයි...!
වාහනයක් ගත්තාම අයිතිය පවරාගැනීම අනිවාර්ය නීතියක්.. එය වාහනය ගන්න කෙනාට ආරක්ෂාව ඇතිවෙනවා. එහෙම නොකළොත් මුල් අයිතිකාරයාට අනතුරක් වීමට හේතුවක් වෙනවා. රජයට ලැබිය යුතු ආදායම් අහිමි වීමක් වෙනවා. එනිසා මෙය හොරුන්ට හිසරදයක් වුණත් නීතිගරුක පුරවැසියන්ට හිසට සහනයක් කියන්න පුළුවන්...
වාහනයක් වෙන කෙනෙක්ගෙන් ගත්තා නම් තමන්ගේ නමට පොත හරවා ගන්න ඕනෑ තමයි. ඒක කරගන්නේ නැතිව මේ වැඩේ නිසා ඒකත් කරගන්න වෙලා කියලා කන්කෙඳිරි ගාන්නේ ත්‍රිවීල් කාරයින් හිතාගෙන ඉන්නේ ඔවුන්ට රටේ නීතිය අදාල නෑ කියලාද?
බමුණාට තියෙන්නේ මුස්ලිම් ගාය... කවදා හරියයිද මන්දා..?