(දසුන් රාජපක්ෂ)
නව මිල සංශෝධනය යටතේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජයට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද(06) පැවසීය.
මෙම මිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ලලිත් ධර්මසේකර මහතා මෙම අදහස් කියා සිටියේය.
එලෙස නීතිමය පියවර ගැනීමට නොහැකි වී ඇත්තේ ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් අති බහුතරයක් නීතිමය රාමුව යටතේ පවතින ලියාපදිංචි කළ ත්‍රි රෝද රථ සංගම්වල සාමාජිකත්වය ලබාගෙන නොමැති නිසා බව ලලිත් ධර්මසේකර මහතා අවධාරණය කළේය.
ත්‍රිරෝද රථවල ගමන් කරන මගීන්ගේ සහ එම රථ පදවන රියදුරන්ගේ අයිතීන් ආරක්ෂා කර යහපත් සේවාවක් බවට එම කර්මාන්තය පත් කිරීමට නම් එය නියාමනය කරන නිශ්චිත රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කළ යුතු බවද ඒ මහතා පැවසීය.
මෙතෙක් ත්‍රිරෝද රථයක පළමු කිලෝමීටරය සඳහා රුපියල් 60ක මුදලක් අය කළ අතර නව සංශෝධනය යටතේ රු.50 දක්වා අඩු කළ යුතු බවද, දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රු.45 ක මුදල රු. 40 දක්වා අඩු විය යුතු බවද රජය නිවේදනය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අත්දැකීම නම් මෙතෙක් පැවැති සියලුම රජයන් ත්‍රිරෝද රථවලට මීටර් සවිකරවීමටවත්, පුද්ගලික බස්වලින් ටිකට් නිකුත් කරවීමටවත් තරම් කොන්දක් නොතිබුණු ආණ්ඩු බවයි. දැන් කියන්නේ ඉතාම ශක්ති සම්පන්න කොන්දක් තියෙන බවනේ... ඒ හින්දා ඔන්න මෙදාපාර නම් මීටර් හයිකරලා ගාස්තු හරියට අය කරලා, කාර්, බාර් පාරඅයිනේ පුස්කන්න ඇරලා පොදු ප්රවාහනවලින්ම ගමන් කරන්න පොරකන ජනතාවක් බිහිවෙනු නියතයි.
ත්‍රීවීල් එක කියන්නේ අනාරක්ෂිතම වාහනයක්. ඒ වගේම චාරයක් නැති රියැදුරන් නිසා මගියන්ගේ ජීවිත අනතුරේ. රජය මගින් මේවා කුලීගමන් රථ විදියට පිළිගෙන නෑ. සාමාන්‍යපෙල ෆේල්වෙලා මේකක් පදින්න ගත්තම හරි චණ්ඩි කියලා හිතාගෙන ඉන්නේ තරුණයින්. මේ වාහනේ තහනම් කරලා අරක්ෂිත වාහන හඳුන්වා දෙන්න ඕනේ. අනික උදේම මංසන්ධි අවහිර වෙන විදියට නවත්තලා පාර මැදම කතා කරකර ඉන්නවා පාර බදු අරන් වගේ. අනික් වාහනවලට යන්නත් නැහැ. මේ ශ්‍රමය ප්‍රයෝජනවත් විදියට යොදවා ගන්න රජයෙන් පියවර ගන්නවා නම් හොඳයි. පොලිසියත් පගාව අරන් සද්ද නැතිව ඉන්නවා. අනික ගොඩක් ත්‍රීවීල් පොලිසියේ අයගේ... දවසේ ගාණට කුලියට දීලා. මාර්ග නීති කැඩුවට අල්ලන්නෙත් නෑ.
තවම ඉන්නවා ටවුන් හෝල් එක පැත්තේ පලවෙනි එක 60 න් පටන් ගන්න කට්ටිය.. මරදානේ, බොරැල්ලේත් ඉන්නවා.
අපි රජයට කියන්නේ කළුතර සිට කොළඹ කොටුව පිටකොටුව මරදාන හරහා කටුනායකට මෙට්‍රෝ එක හදන්න කියලා පළවෙනි අදියරට...
රු 60/- ත්‍රීරෝදවලට මගීන් ගොඩවිය යුතු නැත..
රජයට පුළුවන් නීති පිළිපදින්නේ නැති ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනය තහනම් කරන්න. මොනවා වුණත් මෙම රථය මගී ප්‍රවාහනයට කොහෙත්ම සුදුසු නැහැ. ඉන්දියාවට බය හින්දා මේක ගෙන්නන එක නවත්තන්න බැරිනම්..., අඩුම ගානේ මිලවත් ඉහළ දමන්න.
මම පසුගිය සිකුරාදා දෙමටගොඩ ස්ටේෂන් එක ලඟින් මේ රථයට නැග්ගා. පළමුව රුපියල් පනහයි. එතන ඉඳන් 4.50 ඒවා එකතු වුණා. එකතු වුණු වේගේ හැටියට මීටරය නැග්ගා. තත්පර 15-20 ට 4.50 හේ ඒවා එකතු වෙලා කොටා පාරේ කිල්ස් සුපර් ලඟට එනකොට රුපියල් 160ට පැනලා. මම රියදුරාගෙන් මේ ගැන අහපුවාම දුන්නු උත්තරේ තමයි මහත්තයා දැන් බඩු මිල වැඩිවෙලානේ කියලා. ප්රශ්නය මේකයි. අපි කොහොමද ඒ අනුපාතයට අපේ ආදායම වැඩි කර ගන්නේ?
නීතියක් නැති රටක ත්‍රී වීල් කාරයෝත් රජවරු. අර්ජුන් කියන එක හරි...
ත්‍රීවීල් පාරෙන් ඉවත් කරනවානම් හොඳයි
සමහර ත්‍රීරෝද රථවල මීටර් තිබුනත් වැඩක් නැහැ.කියන්නේ බැටරි බැහැලා කියලා.සමහර එවුන් කෙටි දුරක් වුනත් ,ලොකු රවුමක් ගහලා ගානක් කඩා ගන්ඩ හදනවා. පොඩි ඉඩක් තිබුනත් රිංගලා යන්ඩ තමා හදන්නේ.පාසැල් ලමුන් පටවගෙන යන්නේ හරියට පොල් පටවගෙන යනවා වගේ..ඒ මදිවට උන්ගේ රෙගුලාසි ,කියලා වැඩක් නැහැ.