(අමදෝරු අමරජිව)

පසුගිය කොවිඩ් 19 වසංගතය හමුවේ නිවෙස්වල සිට ඉගැන්විම් සිදු කිරිම සදහා ගුරුවරු වට්ස් ඇප් සමුහ භාවිතා කර තිබු අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඇතුලු නැගෙනහිර පලාතේ ඇතැම් පාසල්වල සිසුන්ට එම වට්ස් ඇප් හරහා පාසල් නොයන ලෙස දැනුම් දි ඇත.
ඇතැම් විදුහල්පතිවරු තම පාසල් වල ගුරු මණ්ඩල සම්බන්ධ කර ගැනිම වට්ස් ඇප් හරහා සිදු කරන අතර විදුහල්පතිවරු තම ගුරු මණ්ඩලයට වට්ස් ඇප් භාවිතා කරමින් දැනුම් දි ඇත්තේ සිසුන්ව පාසලට ගෙන්වා ගැනිම නොකල යුතු බවය.
ඒ අනුව වැඩ වර්ජිත ගුරුවරු තම තමන්ගේ පංතිවල මාපියන්ට වට්ස් ඇප් හරහා දරුවන් පාසලට නොයවන ලෙසත් යම් හෙයකින් පාසලට පැමිණිය හොත් එහි වගකීම තමන් භාර නොගන්නා බවත් පවසා ඇත.
නාදුනන පිරිස් පාසලට පැමිණ සිදුකරන ඉගැන්විම හා වෙනත් සිදුවිම් සම්බන්ධයෙන් තමන් වග නොකියන බව මෙම වට්ස් ඇප් හරහා දැනුම් දිම නිසා මාපියන් සිය දරුවන් පාසල් යැවිමෙන් වැලකි සිටි බව දැන ගන්නට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙලිය මහත්තයෝ අපි ඔහෙට කුණුහබ්බෙන් බැන්න. සමාවෙන්න. මේ ගුරුවරුන් නෙවෙයි කාලකන්නි තමා
මේවා පාතාල වැඩනෙ . හැම රජයේ සේවකයෙක්ම බැඳිලා ඉන්නවා තමන්ගේ රාජකාරිය කරලා වැටුපක් ගන්න. රටක නීතියක් නැතිවුණාම මිනිසුන් රිලව් වගේ පිණුම් ගහනවා
මෙම කාරණයේදී ගුරුවරුන් 100% නිවැරදි ය. පාසල් ගුරුවරයෙකු වශයෙන් ඔවුන්ට දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කිරීමට හෝ කථා කිරීමට පුළුවන, තීරණය දෙමාපියන් විසින් ගනු ඇත.
දෙමාපියන් ළමයි ඉස්කෝලෙ යවන්න ම එපා. ගෙදර තියාගන උගන්නන්න .
මුන් ගුරුවරු නෙමෙයි ගුරු හොරු .ළමයින්ට මෙහෙම හොර වැඩ තමයි මුන් උගන්වන්නේ .
ගුරු හොරු.
මේ ගුරුවන්ට මේ කරන අධර්මිශ්ඨ ක්‍රියා නිසා උපදින කිසිදු අත්බවයක ගුරුවරයෙක් වීමට නොහැකි ආකාරයේ මහා පවක් කරලා තියෙන්නේ.....
සැමදාමත් තමන්ගේ ගමත්, විදුහලත් තිබෙන නමුත් කෙදිනක හෝ ගුරුවරුන් මාරු වී යන බව නොදන්නා දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය නැත්නම් ගෙදර නිකම් තබා ගෙන දෑතේ රැකියාවකට යොමු කලාට කම් නැත. දරුවන් ලොකු මහත් වී රැකියාවන් වලට යාමට සුදුසුකම් මදි වුවහොත් ඒ් දරුවන්ම දෙමව්පියන්ටද කෙදිනක හෝ දොස් නගනු ඇත. එහෙම නැතිව තමන්ගේ දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය දෙමව්පියන් වෙත් නම් මෙම සිද්ධියට එරෙහිව හෙටම පොලිසියට පැමිණිලි කිරීම සුදුසුය.
සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලජ්‍ය ලෙස යොදාගෙන ඇත. දැන් නිදාගත්තා ඇති ක්‍රියාත්මක වන්න, පාලනයක් නැති, විනයක් නැති සේවකයන් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න. නැතහොත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වී රජයට කිසිදු රාජ්‍ය ආයතනයක සේවකයන් පාලනය කිරීමට නොහැකිවනු ඇත.
ජනතා විමුක්තිය පතන නායකයාගේ හෙන්චයියන්ගේ වැඩ