
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටපුරා ත්‍රිපෝෂ බරපතළ හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
එසේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් එය වහාම නවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
කිරිදෙන මවුවරුන්ට ගැබිනි මවුවරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ අද හරියාකාරව දෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත් පෞද්ගලීකරණය කිරීමට මේ රජය කටයුතු කරන බවට ආරංචියි. පෞද්ගලීකරණ ලයිස්තුවේ ඒ ආයතනය තියෙනවා. එම ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියලා මම ඉල්ලනවා. ත්‍රිපෝෂ දීම ඕනෑම රජයක වගකීමක්. දරුවන්ගේ මවුවරුන්ගේ පෝෂණය ගැන බලා ගැනීම රජයක වගකීමක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිපෝෂ විතරක් නෙවෙයි, පෝෂණ ගොඩක් දරුවන්ටයි, වැඩිහිටියන්ටයි, අහිමිවෙලා තියෙන්නේ මෙම ආර්ථික ප්‍රශ්න නිසා...
කමක් නෑ දේශපාලකයින්ගේ ළමයි සැපේ ඉන්නවනේ. ඔවුන්ට ත්‍රිපෝෂ ඕනෑ නෑනේ...