
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව තල්පිටිය සම්බාහන ආයතනයකට ගොස් තෙරපිවරියකගෙන් වෙනත් දෙයක් ඉල්ලා නොලැබුණු තැන පහරදී එහි තිබූ මුදල් කොල්ලකා තෙරපීවරියව පැහැරගෙන විත් වාද්දුව නගරයේදී යළි පහර දුන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදී ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති කොස්තාපල්වරයෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 27000/= මුදලක් තිබූ බව පොලිසිය කියයි.
කොස්තාපල්වරයාගෙන් පහර කෑ තෙරපිවරිය පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව ඉතිං අමුතු දේවල් නොවෙයි... දැන් තමයි ටික ටික එළි වෙන්නේ...
තව කොහෙද මේ අය නීතිය සහ සාමය රකින්නේ...? මම හිතන්නේ මේ රජය මූලිකවම රාජ්‍ය සේවකයන්ගේ මානසික මට්ටම පරීක්ෂා කළ යුතුයි. සේවයේ යොදවන්න කළින්... විශේෂයෙන්ම ගුරුවරුන්ගෙයි... ආරක්ෂා සේවයෙයි...!
දැන් ගෙදර ගිහින් ඉවරයි. ගමේ වසලත් ඉවරයි.
රට පත්වී ඇති විකෘතිය අදහාගත නොහැකි තරම්...!
හපෝ මෙහෙම ගියා නම් ඉතින් නීතිය සහ සාමය රැකීම කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ...