IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තරාදිය ලෙඩ වී වසර දෙකයි, තවම ප්‍රතිකර්මයක් නෑ

(රංජන් කස්තුරි)

කැලණිය දුම්රිය ස්ථානයේ ප්‍රවාහන බඩු කිරන තරාදිය වසර දෙකක් තිස්සේ අක්‍රීයවීම  නිසා ජනතාව මෙන්ම දුම්රිය සේවකයෝද බලවත් අපහසුතාවකට පත්ව සිටිති.

කැලණියට ආසන්න අවට ප්‍රදේශ රැසකින් ජනතාව විවිධ ප්‍රදේශවලට දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන අතර තරාදිය අක්‍රීයවීම නිසා ඔවුන්ට හුණුපිටිය හෝ මරදාන දුම්රිය  ස්ථාවවලට ගොස් එම කටයුතු කර ගැනීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

පොල්,හාල්, තේකුඩු, ලී බඩු එළවළු ආදිය කැලණිය දුම්රිය ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ අතර තරාදිය අක්‍රීයවීම නිසා වසර දෙකක සිට බඩු ප්‍රවාහනයට බාර නොගන්නා බව ද වාර්තා වේ.



අදහස් (3)

තරාදිය ලෙඩ වී වසර දෙකයි, තවම ප්‍රතිකර්මයක් නෑ

Lalla Wednesday, 22 February 2023 09:38 PM

එකම බෙහෙත පෞද්ගලික අංශයට භාර දීම. රාජ්‍ය සේවයේ කැඳයින්ට පින්පඩි අරගෙන පෙලපාලිවලට යනවා හැර තම වෘත්තීය ගරුත්වය හෝ මහජන සේවය ගැන හිතන්න බෑ.හැඟීම් විරහිතය.

:       1       0

ජගත් ලියනගේ Thursday, 23 February 2023 08:51 AM

එකපාරක් නුගේගොඩ දුම්රිය ස්ථානයේ ඕක කැඩිලා හදන්නත් මාස ගණනක් ගියා . අපිට කිව්ව මහරගමට හරි කිරුලපනට හරි ගිහිල්ල බාර දෙන්න කියල පාර්සල්.

:       0       0

කම්මැලියා Thursday, 23 February 2023 10:30 AM

කොහේ සනීප වෙන්නද? දොස්තරලා දේශපාලන වැඩ කරද්දී එම්.එල්.ටී. ලා ආණ්ඩු හදන්න කියලා වර්ජන කරනවා... කෝච්චියට අටදාහක් මදි කියලා තැනින් තැන කෝච්චිය පැනපැන නවතිනවා. ඉතින් වෙදකමක් නැතුව තරාදිය වේලෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site