(ඩයනා උදයංගනී)
තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා පසුගිය 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් කෝටි 150ක විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
ඉදිරියේදී තොරතුරු තාක්ෂණ අංශය, රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු 20,000 පමණ ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම කර්මාන්තය ට අවශ්‍ය තරුණ තරුණියන් පෙළ ගැස්වීම තම අමාත්‍යාංශයේ වගකීමක් බව ද කීය.
සමස්තයක් ලෙස ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ වී ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා පෞද්ගලික වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින 50,000 ක පමණ පිරිස ද රටට විදේශ විනිමය උපයා ගැනීමට විශාල වශයෙන් දායක වී සිටින බව පැවසීය.
ලබන වසරේ දී තරුණ තරුණියන් 34,000 ක් මෙම ක්ෂේත්‍රයට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි ද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තොරතුරු තාක්ෂණයෙන් 2021 වසරේ ඩොලර් කෝටි 150ක්
thushara Monday, 19 December 2022 03:45 PM
ඒ ටිකනම් මොකට කියනවද? දිවා රෑ බලන්නේ නැතුව වැඩකරන එකටත් බද්දක් ගහනවා. කොම්පියුටර් එකක් ගිනි ගණන්. අන්න ඔක්කොම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් රට දාලායනවා..
jaya Monday, 19 December 2022 05:05 PM
බලාගෙන ඉන්නකෝ මහත්තයෝ ලබන අවුරුද්දේ ඕක 50ට බහින එක. පිටරටින් එන මුදල් වලට බදු 30% සමාගමටයි, 36% වැඩ කරන අයටයි ගහපුවාම. ඔය වැඩේට ඕන හොඳ මොලේකුයි, පරිගණකයකුයි විතරයි. රට අදාළ නෑ. ඔය මිනිස්සුන්ට ඕක ඕනෑම රටකට ගිහිල්ලා කරන්න පුළුවන්...