
(අජත්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තව සුළු මොහොතකින් හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතාගේ නිවසේ දී රැස් වීමට නියමිතය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගි වනු ඇත.
රටේ පවතින තත්වය හමුවේ ආණ්ඩුවේ තවදුරටත් සිටිය නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති අතර ,ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මෙසේ මන්ත්‍රී කණ්ඩායම රැස්වේ.
මේ අතර ,භාරකාර ආණ්ඩුවක් වහා පිහිටුවීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර, එසේ නොකරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන බව එම පක්ෂය දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වැඩියි. කොයි ආණ්ඩුවේද? බොරුවට කල් බලනවා. හැඳි ගෑවිලාම යන්න ඕනෑ. යහපාලන ආණ්ඩුව විනාශ කලේ ඔය පක්ෂය...