(ඉන්දිකා රාමනායක)

කොවිඩ් එන්නත ලබා ගැනීමට ගිය 20 හැවිරිදි මන්ද මානසික තරුණීයක් රවටාලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (24) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

මෙම තරුණිය මීට මාස කට පමණ  පෙර  කොවිඩ් එන්නත ලබා ගැනීම  සදහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත යන අතරතුර සැකකරු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස්   තරුණිය  සමග මිතුරු  වී ඇය විවාහ කරගන්නා බවට  පවසා යතුරු පැදියේ නංවාගෙන   කැලණිමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් වෙත ගොස් අතරවර කර ඇති බව පොලිසියට කියයි.

සිද්ධයෙන් දින 23 කට පමණ පසුව,  තරුණිය සිද්ධිය ඇගේ වැඩිමහල් සොහොයුරියට දැනුම්දිමෙන් පසු ඇය සිද්ධිය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිද පෙදරේරුවෙකි.