IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


තරුණිය පැහැරගත් යතුරු පැදිකරු ගුටි කා රෝහලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොල්පිතිගම බස් නැවතුම් පොලක රැඳී සිටි  තරුණියක නිවෙසට ඇරලවන පවසා යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස්  පහර දී එම තරුණියට ලිංගික අතවරකළේ යැයි කියන එම පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොල්පිතිගම පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණිය ද රෝහල් ගතකර ඇත.

පරිගණක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යෑමට මෙම තරුණිය  පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම් පොලක රැඳී සිට තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු තරුණිය ඇගේ නිවසට කැඳවාගෙන යන්නම් යැයි කියා කතා කර ඇතැයි පොලිසිය පවසයි.

රෑ බෝවීගෙන එන නිසාත් බස් රථයක් නොපැමිණි නිසාත් තරුණිය යතුරු පැදියට ගොඩ වූ අවස්ථාවේ එම පුද්ගලයා තරුණිය බලහත්කාරයෙන් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි ද පොලීසිය පැවසී ය.

නිවස තුළට තරුණිය ඇදගෙන ගොස් ඇති අතර ඇය ඔහුගෙන් බේරී පලා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ එම පුද්ගලයා තරුණියට පහර දී ලිංගික අතවර සිදුකර ඇති බව පොලීසිය කියයි. තරුණියගේ කෑගැසීම නිසා අසල්වාසීන් පිරිසක් පැමිණ එම පුද්ගලයා අල්ලාගෙන ඔහුට හොඳ හැටි පහරදී පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පහර කෑමට ලක් වී සිටි නිසා මොහු මුලින්ම පොල්පිතිගම රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කරන ලදැයි පොල්පිතිගම පොලිසිය වැඩිදුරටත් කීය.

 



අදහස් (3)

තරුණිය පැහැරගත් යතුරු පැදිකරු ගුටි කා රෝහලේ

fairoos Wednesday, 15 March 2023 04:40 PM

තනියෙන් ගෙදරත් ඉන්න බැරි තත්වයක් තියනකොට දෙමව්පියන් මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනෑ.

:       0       40

පැරකුම්Wednesday, 15 March 2023 08:43 PM

දෙමව්පියන්ට වඩා තරුණ ළමයි බුද්ධිමත්ව කටයුතු කල යුතුයි නාදුණන අයකුගේ යතුරු පැදියකට නැග්ගේ මොන අදහසකින්ද? ඔහොම වෙලා මදි.

:       0       10

Bunny Preena Thursday, 16 March 2023 09:12 AM

තරුනියන් සහ ගැහැනුන් බොහෝ දුරට ලිංගික අපචාරවලට පත්වෙන්නෙ හොදටම දන්නාදුනන පුද්ගලයින්ගෙ අතින්. ඉතින් රෑට හරි දවල්ට හරි ගමන් බිමන් යනකොට බොහොම ප්‍රවෙසමෙන් තෝරා ‌බේරා ගෙන තීරනය කරන්ට ඔනෙ. කා එක්කද යන්නෙ එන්නෙ කියලා. විශ්වාසය කියන කාසිය උඩ දැම්මට පස්සෙ විශ්වාසය හෝ අනාරක්ශාව කියන කොයි පැත්තකට හරි වැටෙන්ට පුලුවන්. ඉතින් බුද්දිමත්ව කටයුතු කලොත් හොඳයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1282 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site