
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කළ "තුරුණු දම්සර" පොසොන් කලාපය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණි.
එහි සමාරම්භය පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු Youth Club ජාතික සම්මේලනයේ නායකයෝද තරුණ සේවා සභා නිලධාරීහුද මීට සහභාගී වූහ.
මෙම පොසොන් කලාපය හෙට (1 ) දක්වා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවැත් වේ. බැති ගී ප්‍රසංගයක්, පොසොන් නාට්‍ය, පහන් කුඩූ ප්‍රදර්ශනයක්, ඩිජිටල් මාධ්‍ය ඔස්සෙ ප්‍රදර්ශනය කෙරෙන ජාතක කතා සහ දන්සැල් මෙහි ප්‍රදර්ශනය කෙරෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd