IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තරුණ තරුණියෝ 53 මුහුණු පොත සාදයක

(තිලකරත්න දිසානායක)

මීගමුව වෙරළ තීරයේ හෝටලයක් ආශ්‍රිතව ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි බව කියන විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියෝ 43 දෙනකු සමග හෙරොයින් , ගංජා සහ නීති විරෝධී දුම්වැටි සමග අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතාගේ උපදෙස් පරිදි මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන දින සියය වැඩසටහන යටතේ මෙම වැටලීම සිදු කොට ඇත්තේ සහකාර කොමසාරිස් කාර්යාලයට ලද තොරතුරක් මතය.

අත් අඩංගුවට පත් පිරිස අවුරුදු 19 ත් 35 ත් අතර වයසේ පසුවන්නවුන් වන බවත් මොවුන් අතර පෞද්ගලික විශ්ව විද්‍යාල සිසු සිසුවියන් , ව්‍යාපාරිකයින් සහ විවිධ රැකියාවල නිරතවන අය සිටි බවත් එම කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

මෙම පිරිස අතර තරුණියන් 10 දෙනෙකු සහ තරුණයින් 33 දෙනෙකු සිට ඇත.

මුහුණු පොත හරහා හඳුනාගනිමින් පැමිණ ඇති මෙම පිරිස තංගල්ල , මාරවිල , කිරිඳිවැල , හිගුරක්ගොඩ , පූගොඩ , මීගමුව , ජාඇල , දිගන , හොරණ වැනි ප්‍රදේශවල පදිංචි කරුවන් බව අනාවරණය වී තිබේ.

 



අදහස් (5)

තරුණ තරුණියෝ 53 මුහුණු පොත සාදයක

NWS KUMARA Tuesday, 27 August 2024 03:13 PM

ආර්ගම්බේ වෙරළ තීරය හැන්දෑවට ගිහින් බලන්න. ඒවා නවත්වන්න කෙනෙක් නෑ.

:       0       0

මැක්ස් Tuesday, 27 August 2024 03:35 PM

සමාජ මාධ්‍ය යොදාගෙන කරන මෙවැනි විකාරවලට දැන් වැඩිපුර හසු වන්නේ ගමේ ගොඩේ තරුණ තරුණියන්. මෙම සාදයට ගොස් අත්අඩංගුවට පත් වී ඇති පිරිස ද පැමිණ ඇත්තේ කොළඹින් බොහෝ දුර බැහැර පෙදෙස්වල සිට. හරියට මාලිමා බොරු වළවල්වලට ගම්වල අය වැටෙනවා වගේ....!

:       0       0

පිනා Tuesday, 27 August 2024 05:30 PM

ලංකාවේ ක්‍රිකට් ගහන අයට විතරයි. කොකේන් පාවිච්චි කරලා අහුවුණොත් කිසිම නඩුවක් නැතිව ඉන්න පුළුවන්...!

:       0       0

jayantha Tuesday, 27 August 2024 07:35 PM

යකෝ අපි 2005 විතර ඉඳල පැය 24ම ෆේස්බුක් එකේ ඉන්නව. අපිට කිසිම දාක හාන්කවිසියක්වත් කවුරුවත් ෆේස්බුක් සාද ගැන කතා කරලා නැහැනේ.. දැකලත් නැහැනේ.. මොනා හරි සෙටිං වෙනස් කරගන්න ඕනද ?

:       0       0

ලුම්බිණි Wednesday, 28 August 2024 09:10 AM

ඇයි සුරා බද්ද ගෙවලා නැති නිසාද අල්ලලා තියෙන්නේ ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site