(සුජිත් හේවාජුලිගේ )
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ "තෝර් " නැමැති කේසර පිරිමි සිංහයාට ආසාදනයවී ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති බී.1.1.7 ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන ඇත .
මේ බව තහවුරු වී ඇත්තේ සිංහයාගේ ජෛව පටල සාම්පල සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කරන ලද පරීක්ෂණවලදීය.
සිංහයාගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඌට කොවිඩ් ආසාදනය වී ඇතැයි මුලින්ම හඳුනා ගනු ලැබුවේ රාගම වෛද්‍ය පීඨය විසිනි .අනතුරුව ආසාදනය වූ වයිරසය කුමක්දැයි සොයා ගැනීම සඳහා සිංහයාගේ ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයට යොමු කරනු ලැබ තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මුලින්ම කිව්වා මේ සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ කර සොයාගත්තේ රාගම වෛද්‍ය පීඨය බව. දැන් මාධ්‍ය හමු තියා ලකුණු දමා ගැනීමට උනන්දු වූ පශු පීඨය හා පශු සංගමය කුමක්ද කියන්නේ...?