
(ඩයනා උදයංගනී)
රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
ගම්පහ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධව වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා සමඟ ද සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
වනාන්තරවල ඇති දේශයට නොගැලපෙන සහ පරිසරයට හානිකර ශාක ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක අතර ඒ යටතේම තෝරාගත් වනාන්තර කිහිපයක ඔසු උයන් පිහිටුවීමට එහිදී සැලසුම් කළ බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනස්පතීන් කපා මුදල්කර ගැනීමේ කූඨ පරමාර්ථයක් වගෙයි පෙනෙන්නේ. මොවුන් කිසිවෙකුත් විශ්වාස කළ නොහැකියි. රටට , පරිසරයට ආදරය ඇති බලධාරීන් අවදියෙන් සිටිත් වා !
එම ඔසු උයන් වල පැනියත් නිපදුවහොත් එය ධන උල්පතක් වෙයි.
ධම්මික පැණිය හදන්න අවශ්‍ය බෙහෙත් පැළෑටි වෙන්න ඇති.
ඉතිරිවෙලා තියෙන කැලෑවත් නැතිවෙන වැඩක් වෙයි ද?
ඉගුරු පැල 100 ක් හිටවන්න ඕනි නිසා කැලෑවේ පරණ ගස් කැපුවා.... පරණ ගස් වලට වඩා අලුත් ඉගුරු පැළ වටිනවා - දේශීය වෙද ඇමතියා එසේ කියයි. කොහොමත් ඒ කැලෑවේ ගස් පරණ නිසා ඔක්ෂිජන් හැදෙන්නෙත් නෑ - වාරිමාර්ග ඇමතියා සුපුරුදු ගොන් පාට් දමයි. ඉගුරු පැළ බලන්න සංචාරකයෝ එනවා. ඒක ඩොලර් ප්‍රශ්නෙට හොදයි - සංචාරක ඇමතියා හතර බීරි කතාවක් කියයි. සර් අපි මේකට හොද සිංදුවක් දාලා ඇඩ් එකක් හදමු. "එක ගසක් කපන්න මහරජානෙනී" කියලා පටන් ගමු. තාමත් මේවට රැවටෙනවද?
මුලින්ම උයනක් හදනවා.. ඊළඟට උයන බලාගන්න අලුත් තනතුරක් දීලා එයාව නවත්වන්න ගෙයක් හදනවා. ඊට පස්සේ උයන්පල්ලගේ නෑදෑයින්ට නවතින්න ගෙවල් හදනවා. ඊට පස්සේ එයාලට බඩු ගන්න ලේසි වෙන්න කඩයක් හදනවා. එහෙමයි අපේ රටේ...
මෙයාලා හදන ඔසු උයන්. තමුන්ට වාසියක් වෙනවනම් කන්සා උනත් වවයි.