
(ජයරත්න වික්‍රමාරච්චි, හිරාන් ප්‍රියංකර ජයසිංහ, සහ පුත්තලම එච්.චන්දන)
අකුරණ ප්‍රදේශයේ පරවියන් ඇති කරන්නන්ගේ සංගමයක් තරගයක් සදහා ලොරි රථයකින් රැගෙන ගිය පරවියන් 359 දෙනකු කරුවලගස්වැව වනජීවි නිළධාරින් අල්ලා තබ්බෝව ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රිඩාංගනයේ දී අද (30) දින උදෑසන මුදා හැරිමට කටයුතු කළේය.
මෙම පරවියන් ආරක්ෂීත පෙට්ටි 11ක් තුළ රඳවා වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශය හරහා රැගෙන යමින් සිටියදි තබ්බෝව අභය භුමිය ආසන්නයේ අත්අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරිහු කටයුතු කළහ.
ගෘහාස්ශ්‍රීතව ඇති කරන පරවින් අභය භුමිය ආසන්න ප්‍රදේශයේදි මුදා හැරිම වනජීවි පනත අනුව තහනම් බවත් ඒ අනුව කුඩු 11 ක රදවා සිටි පරවින් 359 දෙනා මෙසේ අදාල සංගමයේ සාමාජීකයන් සමග රැගෙන ආ වාහනය ද සමග අත් අඩංගුවට ගෙන ඇත.
මහනුවර අකුරණ ප්‍රදේශයේ තරග සදහා පරවියන් ඇති කරන සංවිධානයයක් අද උදෑසන පරවියන් පුත්තලම කරතිව් ප්‍රදේශයේ දි තරගයට මුදා හැරිමට සුදානම්ව සිටියදී වන ජීවි නිළධාරින් මෙසේ අත් අඩංගුවට ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි. උත්කෘෂ්ඨයි. පොඩි අඩුපාඩුවකට තියෙන්නේ අර අරන්ගිය අයව එම කූඩු තුළටම නොදැම්ම එක.
පරවියන් විතරක් නොවේ කුකුළන් ඔට්ටුවට කෙටවීම ලංකාවේ තදින්ම සිදුවෙනවා. මුහුණු පොතේ පොර කුකුලන් විකුණන්නේ රුපියල් 8000 -10000කට. අහිංසක සතුන් කොටවන වීඩියෝ පවා නම් ගම් සහ දුරකථන අංක සහිතවම පල කරනවා. මේ ගැන පොලිසියේ ඉහලම උදවිය රැසකටම, ප්‍රධාන මාධ්‍ය ආයතන, සත්ව හිංසා විරෝධී සංවිධාන රැසකට දුරකතනයෙන් දැනුම් දුන්නා. අහිංසක සතුන් වෙනුවෙන් කිසිවෙක් නෑ...
ගෘහාශ්‍රීතව ඇති කරන පරෙවියන් අභය භුමිය ආසන්න ප්‍රදේශයේදී මුදා හැරීම වනජීවි පනත අනුව තහනම් නම් ඒ ආසන්න තබ්බෝවේදී මුදා හැරියේ ඇයි? පරෙවියන්ට ඔය කි.මී හතර, පහ පියාඹන්න බැරිද?
රට රකින විරුවා... කොහොමද අපේ සර්ගේ වැඩ...?
මුදා හැරියාට ඔවුන් හිටපු කූඩුවලට ආපසු යනවා...
ෆයිරූස් මෝඩ කතා කියන්න එපා...
වනජීවි නිලධාරීන් වුණාට, කිසිම සාමාන්‍ය දෑනීමක් නෑ. මේ පරවියෝ කොතැනදී අත ඇරියත් තමන්ගේ ගෙදර හොයන් එන්න පුහුණු වෙලා ඉන්නේ.. මේක ලෝකයේ ප්‍රකට ක්‍රීඩාවක්.. විශේෂයෙන් කොරියාවේ, ජපානේ චීනේ වගේ රටවල්.. සමහර පරවියන් අත අරින්නේ වෙන රටක ඉඳලා.. ඒ තරම් දියුණු කුරුල්ලෙක්. මේ වගේ තරගවල ත්‍යාග මුදල කෝටි ගණන්.. ගෙවල්වල කූඩු කරලා ඉන්න ගිරව්, මයිනෝ වගේ කුරුල්ලන් තමයි මුදා හරින්න ඕනේ.. නැතුව විවෘත්තව ඈති කරන මේ වගේ පරවියන් නෙමෙයි...