IMG-LOGO

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැගින්  චූදිතයන්  හයදෙනාට රුපියල් 27,00,000 දඩ මුදලක් ගෙවන ලෙස පොලොන්නරුව අංක 2 මසේත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.

දඩ මුදල් නොගෙවන්නේ නම් චූදිතයකු මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දෙන ලෙස මසේත්‍රාත්වරයා නියෝග කළේය.

2013 පෙබරවාරි 23 වෙනිදා, මෙම සැකකරුවන් හයදෙනා පොළොන්නරුව වැලිකන්ද, ත්‍රිකෝණමඩුව රක්ෂිතයට අනවසරයෙන් ඇතුල්වීම, වනජීවීන්ට හානියක් කළ හැකි ආයුධ සන්තකයේ තබාගැනීම, ජාතික වනෝද්‍යාන තුළ වාඩියක් තනා ගැනීම යන චෝදනා යටතේ, වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක සී.ඒ. වනසික මහතා ඇතුළු වනජීවි නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.

 



අදහස් (3)

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්

ලුම්බිණි Wednesday, 12 March 2025 08:52 AM

මේක තමයි කල යුතු දේ .

:       0       7

මොට්ටපාල Wednesday, 12 March 2025 03:49 PM

නොදන්නාකමට අහන්නේ එකෙකුට ලක්ෂ 4.5 බැගින් නියමිත දඩය නොගෙවනවා නම් රජයට එම දඩමුදල් ආදායම අහිමිවෙලා මාස හයක් රජයේ වියදමෙන් උන්දැලා නඩත්තු කරනවාද?

:       0       2

Nihal Wednesday, 12 March 2025 04:09 PM

ලක්‍ෂ 4.5 ගෙවන්න හදිසියකට දොට්ටවත් යන්න ඵපා. ඔය මාස හය කල්පයක් වගේ සල්ලි වගේද විසිට් එකක් දාලා බලන්න ආස හිතෙයි, බටහිර රටක ඌරු කොටුවක් ඊට දහස් වරක් හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site