(අංජුල මහික වීරරත්න)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී අද සිදුවිය.

ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා තාරක බාලසූරිය මහතා නව දිල්ලියට ගොස් සිටී.