
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයි.
එලෙස හමු වී ඇත්තේ 9 එම් එම් වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩයකි.
හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකු පිවිසුම් දොරටුව අසල ඇති අරලිය ගස අසල තාප්පය පාමුල පිරිසිදු කිරීමේ යෙදී සිටියදී මෙම ජීව උණ්ඩය හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ජීව උණ්ඩය හමුවී ඇත්තේ ප්‍රභූන් හෝටලය වෙත පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් රැඳී සිටින ස්ථානයෙන් බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.