(රංජන් කස්තුරි)
ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද සමස්ත ලංකා ත්‍රි රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පැවසීය.
ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම නිසා කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලකැයිද දිසානායක මහතා කීය.
ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රිරෝද රථවලින් ගමන් යෑම ජනතාව බොහෝ සේ සීමාකර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇතැයිද දිසානායක මහතා කිවේය.
පෙට්‍රල් මිල අඩුවීම මත කිලෝමිටරයකින් රුපියල් 3 සහනයක් ත්‍රිරෝද හිමියාට ලැබුණු නමුත් අනෙකුත් අධික වියදම් සමඟ සසඳන කළ එය සොච්චමකැයිද ඔහු පැවසීය.
එම නිසා ත්‍රීරෝද රථ ගාස්තු කිසිසේත් අඩුකළ නොහැකි බවද මෙරිල් දිසානායක මහතා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ කමක් නෑ .. අපි පික්මී යන්නම්
ආයේ අඩු කරත් උඹලාගේ ත්‍රී වීල් වල යන්නේ නැහැ .uber pickme තියනකම්
ඒකත් ඉවරකරගන්න හදන්නේ. මිල අඩුවීම අත්‍යාවශ්‍යයි.
අර 225ට අමතරව මේ ඉන්නෙත් එක විදිහකින් හොරාකන අය තමයි.
ත්‍රී වීල්වල යෑම නතර කරමු... අසාධාරණ ගාස්තු නිසා...
පික්මී එක නම් හොඳයි.
එහෙනම් ලීටරෙන් 20ක් යන්න පුළුවන් නම් කිලෝමීටරේට රු17 ගානේ ගත්තා නම් හරි...
ඔව් ඒක ඇත්ත, අපි කූල් එකේ පික්මී එක්ක යමු. ඔයාලා අඩුකරන්න ඕනේ නැහැ පැටියෝ...
මාවනැල්ලේ මීටර් 600 දුරකට 150ක් අයකරනවා. ඇහුවාම කියනවා අඩුම ගාස්තුව 150ක්ලු. ඉතින් හයර් නැතිවෙයි...
මිනිසුන් ගැන හිතන, මිනිසුන්ගේ දුක දන්නා කාරුණික ත්‍රී වීලර් කරුවන් පිරිසක් තමන් ගාස්තු අඩු කළබව මාධ්‍යවලට පවසා තිබෙනු දුටුවා. මේ අය මෙසේ කීවත්, ඒ අයට අඩු කරන්නට පුළුවන් වුණේ ඇයි? ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ත්‍රී වීලර් ගාස්තු අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. එසේ නොකරන අයට දැඩි දඬුවම් දිය යුතුයි.