
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පාත්‍රා පන්සියයක් පූජා කළහ.
තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්(Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීහු 35 දෙනක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
තායිලන්ත නියෝජිත පිරිස ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් වලටද සහභාගී වූ අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හා ආගමික වතාවත් මෙහෙය වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයට වැරදිලා .ඕවා දෙන්න තිබුනේ මුදල් අමාත්‍යංශයට නේ?
රොනී ද මැල් මුදල් ඇමතිවරයා රටේ සංවර්ධනය සදහා ලෝකය වටේ යන කාලයේ කාටුන් වල පාත්‍රයක් අතින් ගත් රොනීගෙ රූපයක් තිබුනා දැන් ඉතින් මේ පාත්‍ර 500 අරගෙන හාමුදුරුවන්ට ලෝකය වටේ පිණ්ඩපාතයට වඩින්න පුළුවන්