IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තියුණ ආයුධ වලින් පහරදි පුද්ගලයකු මරලා

( රවින්ද්‍ර ලියනගේ )

දංකොටුව පොලිස් වසමේ කිරාගාර ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන් ගත්  පුද්ගලයකුට තියුණු ආයුද වලින් පහර දි ඝාතනය කර ඇතැයි දන්කොටුව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ වයික්කාල කම්මල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ජුඩ් දුෂාන්ත ප්‍රනාන්දු නැමත්තෙකි.

 යතුරු පැදියකින්  කිරාගාර ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදි ත්‍රිරෝද රියකින් පැමිණි පිරිසක් මග හරස් කර යතුරු පැදිකරු නතර කර තියුණු ආයුධ වලින් පහරදි ඝාතනය කර පලා ගොස් ඇති  බව මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි.

මියගිය අයට විරුද්ධව අධිකරණ වල නඩු කිපයක් පවතින බවත් වසර කිපයකට පෙර වයික්කාලේදි ‍කාර් රථයකට වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස් වි පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

ඝාතනය සිදුකළ බව කියන සැකකරුවන් හදුනා ගෙන ඇති බවත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරුවන්  අත් අඩංගුවට ගැනිමට පුළුල් පරික්ෂණයක් සිදුකරන බවත් පොලිසිය කියයි.

සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය  එම රෝහලේ දි සිදුකිරිමට නියමිතය.

 



අදහස් (0)

තියුණ ආයුධ වලින් පහරදි පුද්ගලයකු මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site