
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරිය ආරච්චි)
මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට එම කාන්තාවගේ සැමියා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (28) මියගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.
එම ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව ද හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ පදිංචි තුෂාර දිල්රුක්ෂ නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිය සමඟ කාලයක පටන් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර සිද්ධිය වූ දින මරණකරු සැකකරුගේ බිරිය සමග මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ නිවසක සිට ඇති බව පොලිසිය කියයි.
එහිදී එම ස්ථානයට කඩා වැදුණු සැකකරු තම බිරියට සහ අනියම් පුද්ගලයාට පිහියකින් කපා කොටා තුවාල සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ නිවසක කාන්තාවක සහ පුද්ගලයෙකු කපා කොටා තුවාල සිදුකර ඇති බවට ලද තොරතුරක් මත මාදම්පේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තියුණු ආයුධ පහරින් අයෙක් මරුට