IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තියුණු ආයුද සමග තරුණයෙක් මාට්ටු

( සුමිත් පොතුපිටිය , බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම් )

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් පසුපස හඹාගිය පොලිසිය තල්පිටිය ප්‍රදේශයේදී නවතා ප්‍රධාන සැකකරු සමග තියුණු කඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රතිවාදී පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම කර ඇතැයි පොලිසිය කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට ලද තොරතුරක් මත මොරටුව දෙස සිට කළුතර දෙසට ගමන් ගත් මෝටර් රථය පානදුර නගර මධ්‍යයේදී විශේෂ මාර්ග බාධකයක් යොදා නැවතීමට අණකර ඇති අතර , එය නොනවත්වා කළුතර දෙසට පලාගොස් ඇතැයිද පොලිසිය කීය.

පානදුර දකුණ පොලිසියේ අපරාධ මැඩලීම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් අධිවේගී යතුරු පැදිකරුවන් දෙදෙනකු ගාලුපාර ඔස්සේ කිලෝමීටර් 5 ක් පමණ මෝටර් රථය ලුහුබැඳ ගොස් ඇති අතර , තල්පිටිය පාලම ආසන්නයේදී මෝටර් රථය අතුරු මාර්ගයක සිරවී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෝටර් රථයේ සිටි සැකකරුවන් තිදෙනකු පලා ගොස් ඇති අතර, එහි තිබී තියුණු කඩු 6 ක්, කළු පැහැති සම්පූර්ණ මුහුණු ආවරණ 5 ක් , ජැකට් 4 ක්, ජංගම දුරකථන 4 ක් සොයාගෙන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

 



අදහස් (0)

තියුණු ආයුද සමග තරුණයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site