(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් වැල්ලම්පිටිය පොලිස් වසමේ, ගෙවල් 20, කිත්තම්පහුව නිවසක තියුණු ආයුධ අතැතිව රැදී සිටි පුද්ගලයන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි,

කඩු දෙකක්, මන්නපිහි දෙකක්, ඩෙකර් පිහියක්, කිනිස්සක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 720 ක් ද සැකකරුවන් සමඟ පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ත් 31 ත් අතර පසුවන වැල්ලම්පිටිය, මත්තල, කොලොන්නාව යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් ද බවද පොලිසිය පවසයි.

මෙහි එක් සැකකරුවකු මීට පෙර මනුෂ්‍ය ඝාතයක් සඳහා චෝදනාවට ලක්ව සිටි අයෙකි. වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇත