(නිමල කොඩිතුවක්කු)
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමිගේ සහ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂු නමක් වන උපසම්පදා අපේක්ෂක මහරගම දේවානන්ද හිමියන්ගේ උපසම්පදා උත්සවය නිමිත්තෙන් තායිලන්තයෙන් ගෙන්වන ලද විශේෂ ඔටුන්නක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මිය ඇතුළු එරට දායක පිරිසක් විසින් පරිත්‍යාග කරනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ජායනා මධ්‍යයේ කොල්ලූපිටිය වාලූකාරාමයේ ධාතු මන්දිරයේ දී මෙම විශේෂ ඔටුන්න ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මිය විසින් මහරගම දේවානන්ද හිමියන් වෙත අද (28) පිළිගන්වනු ලැබීය.
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමි, කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ මෙම අවස්ථාව සඳහා වැඩම කර සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් තායි තානාපතිත් හාමුදුරුවරුන් නරක් කරන්නයි හදන්නේ.
හාමුදුරුවනේ, ඕවා විනය විරෝධී වැඩ නේද?
අයියෝ, අපේ කට්ටියට ඔච්චරයි අඩුවට තිබ්බේ... දැන් ඉතින් කුළඟන සමිතිවලින් තරඟෙට ඔටුණු හදලා දෙයි..