
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ තඹුත්තේගම මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
තඹුත්තේගම මුලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බව අමාත්‍යවරයා කීය.
රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.
රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සිදු කිරීම සදහා රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා මෙහි දී වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතා වෙත උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය සෑම දේ අද නොවේ හෙට, අපට කවදා හෙටක් උදා වේද?
අපිටත් තියෙන්නේ අපේ පැත්තෙන් කෙනෙක් හරි සෞඛ්‍ය ඇමැතියෙක් හරි පත් කරගන්න. අපිටත් හම්බවෙයි පොලොන්නරුවට, හම්බන්තොටට, කළුතරට, බදුල්ලට තඹුත්තේගමට වගේ...
වෙන කවුරුහරි මේක කළා නම් බලන්න තිබ්බා ජෙප්පන් කියන දේවල්...
මෙම රෝහල සංවර්ධනය කිරීම තුළින් අනුරාධපුර රෝහලේ පීඩනය අඩුකර ගැනීමට පුළුවන් වෙයි. හොඳ වැඩක්...
අලුත් ඉස්පිරිතාල හදන්න මුදල් වැය කරන්න කලින් තිබෙන ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ සහ දොස්තර හිඟය නැති කරන්න කටයුතු කරන්න.. රටපුරාම නිකන් ගොඩනැගිලි පමණක් ඉදිකරලා ඵලක් නැහැ... වෛද්‍යවරු සහ බෙහෙත් නැතිනම්...
ඊළඟ ජනාධිපති මොණරාගලින් පත් කරමු.
කලින් ආණ්ඩු කළ දේම මුනුත් කරනවා. පචයෝ නේ, ඉතින් ලැජ්ජාවක් නැතිව තව මිනිස්සු අන්දන්න පුළුවන්. අර සීනි බදු වංචාවේ දැන් කිසිම අවුලක් වෙලා නැහැ කියන්නේ? එත් මුන් ඕක කොයිතරම් විකිනුවද මිනිස්සු රවට්ටන්න? පාස්කු ප්‍රහාරයත් ඒ වගේ.
මහින්ද ජනාධිපති උනාම දකුණුට හැදුවා වාරය, එයාර් පොර්ට් අධිවේගි මාර්ග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා සම්මන්ත්‍රණශාලා, සිරිසේන ජනාධිපති වුණාම පොලොන්නරුවට වකුගඩු රෝහලක් හා කාපට් පාරවල් දැන් මෙයා පටන් අරගෙන තඹුත්තේගමට කොරන්න, මොවුන් එකෙක් වත් ජාතික නායකයෝ නොවෙයි ප්‍රාදේශීය නායකයන්, තමන් ඉපදුන ගම පමණක් සංවර්ධන කොලාම ඇති කියලා හිතන අමුතුම සත්තු.