
(දයාරත්න ඇඹෝගම)
ගොවීන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු කිලෝ තිස් දහසකට අධික ප්‍රමාණයක් අද (21) වැස්සට හසුවී නරක්වී ආපසු සිය නිවෙස් වලට රැගෙන ගිය බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය.
ගොවින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු ආරක්ෂා කර ගැනීම සදහා වහලයක් නොමැතිකම මීට හේතු වූ බවද සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය.
“මහවැලි එච් කලාපයෙන් නොච්චියාගම, රාජාංගණය, විලච්චිය, මැදවච්චිය ආදී ප්‍රදේශවලින් ගොවියෝ විශාල පිරිසක් අද(21) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථනයට රැගෙන ආවා. එම එළවළු ආරක්ෂිතව තියාගන්න ආවරණයක් නැහැ. උදේ ඉදන් වැහැපු වැස්සට එලවළු අහුවුණා.
වැස්සට අහුවුණොත් එළවළු ඉක්මනට නරක් වෙනවා. වෙළෙන්දෝ ගන්නේ නැහැ. ඒ නිසා අද වෙළෙන්දෝ එළවළු පළතුරු ඉල්ලුවේ තුට්ටු දෙකට. ගොවියෝ විශාල පිරිසක් එළවළු අරන් ආපහු යන්න ගියා. තියලා ගියත් වැඩක් නැහැ. අරන් ගියත් වැඩක් නැහැ. එළවළු ටික අපරාදේ නරක් වෙනවා.”
“රුපියල් ලක්ෂ ගාණක පාඩුවක්. මේක ගොවියන්ට ලොකු අසාධාරණයක් වුණේ. වහලක් ගහලා දෙන්න කියලා කාලයක ඉදන් බලධාරීන්ට කියනවා. එහෙත් බලධාරීන් ගණන් ගන්නේ නැහැ. අපේ වෙළද සංගමයෙන් හරි අපි වහලක් ගහ ගන්නම් කියලා. බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒකට අවසරයක් දුන්නෙත් නැහැ”.මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන ලෙස තමන් වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදන රට පුරා බෙදා හැරීමේ බරපතල ගැටලුවක් තියෙනවා . ආර්ථික මධ්‍යස්ථාන අරක්ගෙන ඉන්න අතරමැදියන් ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම ගසා කනවා.
නිසි කළමනාකරණයක් ,හරිහමන් ක්‍රමවේදයක් නැතිකමින් මේ වගේ තව කොපමණවත් නාස්ති වෙනව ඇත්ද? සමහර පාලකයොත් මේවට වගකියන්ඩ ඕනේ ?
රනිල් ආර්ථිකය ගොඩ දැම්මලු. එසේ නම් මෙහෙම වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න. එයා තඹුත්තේගමට ජනාධිපති නෙවෙයි ද?
රටක ජනාධිපති ඉන්නේ තැන් තැන් වල වහල ගහලද බලන්න නෙවෙයි, ආර්ථික මධ්‍යස්ථාන හදලා දීලා අවුරුදු ගාණක් වෙනවා. මෙච්චර කල් වැස්සේ නැද්ද? ප්රවාහනෙදී කොච්චර එළවළු නරක් වෙනවද?