IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තාඹුගලගේ රහස් ප්‍රකාශය අදින් අවසන්

(රෝෂන් තුෂාර)

රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදීම අද (28) අවසන් කළේය.

සැකකාර තාඹුගල මහතා පසුගිය සඳුදා, අඟහරුවාදා සහ අද දින පුරා පැය දහයකට අධික කාලයක් මෙම රහස් ප්‍රකාශය ලබා දී ඇති අතර සැකකරු රහස් ප්‍රකාශය ඉදිරිපත් කරමින් තමන්ට මරණ තර්ජන ඇතැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන 03 දින සිදු කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය දින නියම කර ඇත.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රහස් ප්‍රකාශය ලබාදීමට මහේස්ත්‍රාත්තුමිය අවසර ලබා දුන්නාය.

 



අදහස් (0)

තාඹුගලගේ රහස් ප්‍රකාශය අදින් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site