ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටුණු දෙහැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර තමිල්නාඩුහි මනප්පාරෙයි රජයේ රෝහලට ගෙනගොස් ඇත.
තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්රයත්නයන් අසාර්ථකවූ බවයි. දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ රාත්‍රී දුර්ගන්ධය දැනුනු බවත් එයින්පසු දරුවා මියගොස් ඇති බව තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
දරුවාගේ සිරුර බෙහෙවින් දිරාපත්වූ තත්ත්වයක පවතින බවත් ඡායාරූප පසුව නිකුත් කරන බවත් ඔහු පවසයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරප්පල්ලි ආසන්නයේ පිහිටි මෙම පටු ළිඳේ අඩි 100ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති දරුවා සිරවී සිටියේ ය.
ඉන්දියාවේ 300ක පමණ මුදවාගැනීමේ කණ්ඩායමක් පැය 80කට වැඩි කාලයක් තිස්සේ දරුවා ගලවා ගැනීම සඳහා ප්රයත්න දැරූහ. එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටියද එය මේවනවිට නවතා දමා ඇත.
පසුගිය සිකුරාදා(25) පස්වරුවේ එම ළිඳ පිහිටි ස්ථානය ආසන්නයේ තවත් දරුවන් කිහිපදෙනකු සමග ක්‍රීඩා කරමින් සිටි සුජිත් දරුවා ළිඳට වැටී තිබූ අතර ඒ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක කණ්ඩායම් දරුවා බේරා ගැනීමට අසීරු උත්සාහයක නිරත විය.
සඳුදා (28) රාත්‍රී නවය පමණ වනවිට සමාන්තර සිදුරේ අඩි 63ක් පමණ යටට හාරා තිබිණි.
කැණීම සඳහා අධිබලැති විදුම් යන්ත්‍ර යොදාගනු ලැබිනි.
කෙසේවුවද අවසානයේ දරුවා මියගොස් ඇතැයි තීරණය කිරීමත් සමග සියලු උත්සාහයන් අත්හැර දැමීමට ඉන්දීය බලධාරීන්ට සිදුවිය.
(ඉන්ඩියා ටුඩේ ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔයාගේ ආත්මය නැවත මිනිස් භාවයක් ලබාගෙන උසස් ආත්මයකින් සසර කෙළවර කරගන්න ලැබේවා කියා පතනවා. ඔයා වෙනුවෙන් වෙහෙසුණු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..
සෑම පාසලකම, සෑම ආයතනයකම සහ සියලු නිවැසියන් දරුවන්ගේ ආරක්ෂිත ක්‍රම ගැන ක්‍රියාත්මක විය යුතුවේ. රජය මීට මැදිහත් වී අවශ්‍ය නීති ගෙන ආ යුතුවේ.
වෙනත් බොහෝ රටවල මෙවැනි අනතුරු වලට ලක් වූ දරුවන් බේරා ගන්නා හැටි ඕන තරම් දැක තිබෙනවා. නමුත් ඉන්දියානුවන් ක්‍රියාත්මක් වූ ආකාරය හා නොපුහුණු බව මේ වැඩේදී හොඳට පෙනුනා. ඔවුන්ගේ නොහික්මුණු බව හා අසංවර බව මෙය අසාර්ථක වීමට බලපෑවා. අසංවිධානාත්මකව කාලය නාස්ති කරපු එක විතරයි කළේ.
අතිශයින්ම හද කකියන සිද්ධියක්. ලොවේ කොතැනකවත් මෙවන් විපත් මනුෂ්‍යයින්ට නොවේවා කියා ප්‍රාර්ථනා කරමු ! සුජිත් දරුවාට නිවන් සුව පතමු !
තාක්ෂණය කොතරම් දියුණුවුවත් කර්මය බලවත් වූ විට ඒ සියල්ල අභිබවායයි. මේ දරුවට නිවන්සුව ලැබේවා !
හරිම සෝචනීයයි. දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වෙලා නැහැ. එවැනි අනතුරු තිබෙන තැන ළමයින්ට ගැවසීමට ඉඩ දීම කණගාටුදායක සිදුවීමට හේතුවයි. දරුවාට නිවන්සුව ලැබේවා !
මේ දරුවා නිරුපද්‍රිතව ගොඩට ගත්තා නේද? ඒ වීඩියෝ එක මාධ්‍ය ජාලාවල තියෙනවා. තව ටිකක් හොයලා බලමු
ඉතාමත් කණගාටුයි. නමුත් ඉන්දීය රජය දරුවා ගලවා ගැනීම සදහා දරන ලද උත්සාහය විශිෂ්ඨයි..
අනාරක්ෂිත සියලුම ස්ථාන මාරාන්තික බවට මෙවන් සිදුවීම් වලින්වත් ලෝකයා වටහා ගනිත්වා.! ලංකාවෙත් අනාරක්ෂිත වගා ළිං අනන්තවත් තියෙනවා.. ඒවාට වැටිලා අලි පැටවුන්ගේ ඉඳන් බොහෝ සතුන් මිය යනවා. පොඩ්ඩක් හිතන්න දරුවෝ ඔය පැතිවල සෙල්ලම් කරනකොට මේ වගේ අනතුරු වෙන්න පුළුවන් නේද? ලෝකේ කොයි කොනක කොහොම උන්නත් කාගේ දරුවත් අපේම දරුවෙක් අපිට...!
අපරාදේ ළමයා බේරා ගන්න බැරි වුණා. භයානක ළිඳට එයාලට බැරි වුණාද උඩට කවරයක් හදාගන්න. ඉදිරියටවත් මොලේ පාවිච්චි කරයිද දන්නේ නැහැ දෙයියනේ...
කුඩා සිරුරක් ඇති පුද්ගලයකුට කතාකිරීමට මයික්‍රොෆෝනයක් කට ළඟ බැඳ කැමරාවක් සහ විදුලි පන්දමක් ඔලුවේ හයිකර උඩුබැලි අතට ළිඳට බස්සවමින් ගොඩ ඉන්න කාර්මිකයින් සමග සම්බන්ධ වෙමින්, දරුවාගේ හිස උඩ තියාගෙන සිටි අත්දෙකෙන් උඩට ඇදගෙන එන්නට කල්පනා නොකළේ ඇයි කියලා හිතෙනවා. අඩි 30ක් පහළ හිරවී හිටපු දරුවා උඩ ඉඳන් කරන විගඩම් නිසා අඩි 86ක් ගැඹුරට වැටී ඇතිබව කියවා දැනගත්තා. අසරණ දරුවාට නිවන් සුව අත් වේවා. ඒ කුඩා මනසට පැය 48 ක් තිස්සේ කුමක් සිතෙන්නට ඇත්ද?
දුකයි පුතේ...
චුටි පුතේ, උපනුපන් අාත්මයකවත් ඔබට මෙවැනි විපතක් නොවේවා..!! ඔබට නිවන් සැප ලැබේවා ..!!!
ලංකාවේ මුහුණු පොතේ ලොක්කෝ දරුවා බේරාගෙන රෝහල්ගතකරලතිබුණා