(විමුක්ති එස් රුද්‍රිගු)

තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉකුත් 12 වැනිදා තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20 ක් පමණ දුරින් මාළු අල්ලමින් සිටියදී කිසියම් පිරිසක් පහර දී ඇතැයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කළේය.

පහරදීම සිදුකලේ ශ්‍රී ලාංකික ධීවරයන් බව පහර දීමට ලක්වූ තමිල්නාඩු ධීවරයන් චෝදනා කරන බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය පැවසුවේය.

පහරදුන් ශ්‍රී ලාංකික ධීවරයන් තමගේ ධීවර ආම්පන්නවලට සහ ධීවර යාත්‍රාවට හානි කර අල්ලාගත් මසුන්ද රැගෙන ගිය බව තමිල්නාඩු ධීවරයන් ප්‍රකාශ කළ බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

පහර දීමට ලක්වූ  ධීවරයින් ප්‍රතිකාර ලබා ගන්නා බවත් මේ පිළිබඳ වෙරළබඩ පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය සඳහන් කළේය.