
තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපො භව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කුෂිනගර්හිදි අද (20) පැවැසීය.
අභිධර්ම දිනය සංකේතවත් කරමින් ඉන්දියාවේ කුෂිනගර් හි පැවැති උත්සවයකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවැසීය.
යමකු ස්වයංව ප්‍රදීප්ත වූ විට ඔහු මුළු මහත් ලෝකයටම ආලෝකය දෙන්නේ යැයි ද ඉන්දියාවේ අභිප්‍රාය වී ඇත්තේ එය යැයි ද අග්‍රාමාත්‍ය මෝදී කීවේ ය.
ස්වයං-යැපීම සහ ශක්තිමත් වීම තුළින් ඉන්දියාව එම ඉලක්කයට ගමන් කරන බව ද අගමැති මෝදි කීය.
එමඟින් ලෝකයේ අනෙක් රටවල ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා සහභාගී වීමට ඉන්දියාවට ශක්තිය ලැබෙන බව ද ඔහු පැවැසීය.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික වී ඇත්තේ බුදුන් වහන්සේ බවත් ඉන්දියාවේ ත්‍රිවිධ වර්ණ මත බුදුන් වහන්සේගේ ධර්ම චක්‍රය තිබීම තුළින් ඉන්දියාවට ශක්තිය ලැබෙන බවත් පැවැසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අදටත් කවුරුන් හෝ ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ගිය ඔහු/ඇය අනිවාර්යෙන්ම “ධර්ම චක්‍ර ප්‍රවර්තනය” දකින බව ද කීය.
අද අපි ලෝකයේ පරිසර ආරක්ෂණය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කතාබහ කළ විට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් පැන නගිනවා යැයි කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවට බුදුන් වහන්සේගේ පණිවුඩය අනුගමනය කළහොත් “කවුද කරන්නේ” “මොකද කරන්නේ” යනාදී ප්‍රශ්නවලට අපට ම පිළිතුරු සොයාගත හැකි වනු ඇතැයි පැවැසීය.
බුදුන් වහන්සේ විශ්වීය බවත් ඊට ප්‍රධානම හේතුව තමන් තුළින්ම පටන් ගන්නැයි බුදුන් වහන්සේ සෑමවිටම පැවසූ නිසා බවත් කී අගමැති මෝදි බුදුන් වහන්සේගේ බෞද්ධත්වය වගකීමේ පරම හරය යැයි ද කීවේ ය.
බුදු දහමේ පණිවුඩය මුලින්ම ශ්‍රී ලංකාවට ගෙන ගියේ ඉන්දියාවෙන් යැයි ද අශෝක අධිරාජ්‍යයගේ පුත් මහේන්ද්‍ර (මිහිඳු මහරහතන් වහන්සේ) සහ සංඝමිත්තා කුමරිය යැයි ද මිහිඳු මහරහතන් වහන්සේ නැවත ඉන්දියාව පැමිණ ශ්‍රී ලංකාව බුදුන් වහන්සේගේ පණිවුඩය මහත් උද්‍යෝගයෙන් බාරගත් බව සිය පියාට දැනුම් දුන්නේ යැයි ඉතිහාසයේ සඳහන් යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරේන්ද්‍ර මෝදී අගමැතිතුමා තරම් අපේ නායකයින් බුදු දහම දන්නෙවත් ඒ අනුව ජීවත් වන්නේවත් නැත. ඡන්ද ගන්න වෙනකොට අපි බොදුනුවන් ලෙස හැසිරෙනවා. ඇතුලාන්තය ගත්තොත් බුදු දහමට පටහැනියි. ඉන්දියාව යන ගමන හරි.
එදා සිටම ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන සුහද බැම්ම ශ්‍රී සද්ධර්මය .අපේ රටේ අදටත් ඒ ධර්ම මග යන මහා සංඝරත්නය වැඩ සිටීමත් ඒ මග යන බුද්ධිමත් ගිහි ජනයා සිටීමත් , ශ්‍රී සද්ධර්මය රැකීී තිබීමත් පෙර කුසලයකි
මෝදි අගමැතිතුමාගේ දහම් දැනීම ඉතා ඉහළයි.අපේ දේශපාලකයන් හොර මැර වැඩ කරමින් ඒවාට අනුබල දෙන ඇතැම් සිව්රු දරන්නන් ලවා වැදි බණ අසනු පෙනේ.ඒ වැනි බණ වලින් පුහු සිත් රවටවා ගෙන කියන්නාත් අසන්නාත් තම තමන්වම රවටවා ගැනීමක් මිස වෙනත් දෙයක් නම් සිදුවෙන බවක් නොපෙනේ. මෝදි මහතා එසේ නොව දහම අවබෝධ කරගත් කෙනෙකු බව පෙනේ.
ඊට හේතුව ඉන්දියාවේ බුදුදහම උගන්වන්නේ ලෑන්ඩ් කෲසර් වලින් වඩින කට්ටිය නොවීමයි. එහෙ බුදුදහම උගන්වන්නේ රැස්කිරීමෙන් තොරවූ සාදු චර්‍යාවෙන් පොහොසත් උත්තමයින්.
අත්ත දීපෝ - විහරත