IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තැපෑලේ සේවකයින්ට අත පිරෙන්න බෝනස්

(සුජිත් හේවාජුලිගේ)

තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි  අතිකාල දීමනා  ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ  2022 දෙසැම්බර් මාසයේ  සිට 2023 ජුලි මාසය දක්වා කාලයේදී ය.

එම කිසිදු අතිකාල වවුචරයක  රියදුරු ධාවනය කළ වාහනවල  අංක  සටහන් කර නොතිබූ බවත් මේ අනුව එම ගෙවීම් පිළිබඳ නිවැරදිභාවය විගණනයට පරීක්ෂා කළ  නොහැකි වූ බවත්  වාර්තාව සඳහන් කරයි.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට අයත් නොවන අභ්‍යන්තර විගණන අංශයේ  සේවකයන් සඳහා  ඉකුත් වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ දොළහක පමණ  දීමනා ගෙවා තිබූ අතර  මෙම දීමනා ගෙවීම සඳහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද  එම  වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ  2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.



අදහස් (2)

තැපෑලේ සේවකයින්ට අත පිරෙන්න බෝනස්

යෝගා Wednesday, 03 July 2024 07:25 PM

මේ හොර ගෙවීම්වලට අත්සන්කල ලොක්කන්ගෙන් අයකරගන්න. බැරිනම් ඒ අයව බන්ධනාගාරගත කරන්න. සරලයි.

:       0       1

Ranjith Thursday, 04 July 2024 10:38 AM

විගනකාධිපති බුදි ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site