(මහින්ද නිශ්ශංක)

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ කොටුව සිට බදුල්ල සහ ගාල්ල දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙකේ තැපැල් මැදිරි දෙකක් අමුණා ඇති බවත් තැපැල් ලිපි, පාර්සල් ප්‍රවාහනය කිරීම සහ ලිපි පාර්සල් තේරීම් කටයුතු සඳහා මෙම තැපැල් මැදිරි වෙන් කර තිබේ.

කොළඹ කොටුවෙන් රාත්‍රි 8.30 ට බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියත් පස්වරු 6.45ට ගාල්ල තැපැල් දුම්රියත් ගමන් ආරම්භ කෙරේ.