(යොහාන් භාසුර)

තැපැල් සේවකයන් ක්‍රියාත්මක කරන තිබෙන දෙදින වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී ඇති බවත් බොහෝ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා ඇතැයි තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

බලධාරීන් එම වර්ජනයට අවධානය යොමු කර වැටුප් ඉහළ දැමීම ඇතුළු ගැටලුවලට විසඳුම් නොදෙන්නේ නම් අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවන බවත් එම වෘත්තීය සමිතිය වැඩි දුරටත් සඳහන් කරයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)