(මනෝප්‍රිය ගුණසේකර)
ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදිමට කළ නිර්දේශය මෙතෙක් ක්‍රියාත්මක නොකොට පොලිස්පතිවරයා ගෙන යන ක්‍රියා මාර්ගය නීතිපතිවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇත.
තමා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ප්‍රශ්න කරන නීතිපතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් හෝ පැවැත්විමට පියවර නොගත්තේ මන්දැයි පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කොට ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අවස්ථා දෙකකදී ලිඛිතව පොලිස්පතිවරයාට දැනුම් දෙන ලදී.
ගාලු මුවදොර සාමකාමී අරගලයක නිරත වූ පිරිසට පසුගිය මැයි 09 වනදා ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට යම්කිසි අන්දමක බලපෑමක් විය හැකි හෙයින් එම විමර්ශන අවසන් වන තෙක් දේශබන්දු මහතාට ස්ථාන මාරවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් මුල් අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවනේ රටේ නීතියට වෙලා තියෙන දේ... නීතිපතිගේ නියෝග ක්‍රියාත්මක නොකරන රටේ පොඩි මනුස්සයාට සාධාරනයක් වෙයිද?
බොරු නාටක...
අනිවාර්යයෙන්ම ජනපති අණකරන්න ඇති මාරුකරන්න එපා කියලා... මේක තමයි ලංකාවේ නීතියට වෙන්නේ. මෝඩයින් පාලකයින් වුණාට පස්සේ වඳුරන් වගේ එයාලාට ඕනෑ ඕනෑ දේ කරනවා.