(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු,වයඹ සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල උදය කාලයේදී වැසි ඇති විය හැකියි. 

උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් ඇතැමි ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකියි.