IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තනතුරින් ගියත් සැප එලෙසමයි

(රංජන් කස්තුරි)

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද  හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

මිට අමතරව හිටපු ඇමැතිවරුන්ට තවමත් ඇමති ආරක්ෂකයන්ගේ රැකවරණය ලබා දෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.

ඇමැතිවරුන්ට කොළඹ කැප්පිටිපොළ මාවතේ සහ ටොරින්ටන් පෙදසහි පහසුකම් සහිත නිල නිවාස හිමි අතර හිටපු කැබිනට් ඇමැතිවරු තවමත් ඒවායේ වාසය කරන බව ද සඳහන්ය.

කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පමණක් හිමිව සිටින හිටපු ඇමැතිවරුන් එම නිවාසවලින් ඉවත්ව මන්ත්‍රීවරුනට හිමි නිල නිවාසවල පදිංචියට යා යුතු නමුත් කිසිදු ඇමැතිවරයෙක් එලෙස නිවාස මාරුකර නැතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (8)

තනතුරින් ගියත් සැප එලෙසමයි

Manjula Thursday, 07 April 2022 03:56 PM

එයාලට සැප විදින්න අපි දවසට වේලක් කාල අමාරුවෙන් ජීවත් වෙන්න ඕන.

:       0       0

කමනි Thursday, 07 April 2022 04:54 PM

මේ වරප්‍රසාද හිටපු ඇමතිලාට අවශ්‍යත් නැහැ. අළුතෙන් එන අයට අවශ්‍යත් නැහැ. ජනතා සේවය කරනවා නං සැප බලාපොරොත්තු නොවී ජනතා සේවය කරන්න. මේවට ගෙවන්නේ මහජනතාවනේ.

:       0       0

කිරි පුතා Thursday, 07 April 2022 04:57 PM

ඊට පස්සෙ මිනිසුන් කුපිත වුණා කියලා හැංගෙන්න තැන් හොයන්න එපා !

:       0       0

දාස Thursday, 07 April 2022 06:50 PM

මුන්ට මිනිස්සුන්ට හෙන ගැහුවත් වගේ වගක් නෑ පව්කාරයො

:       0       0

චන්දන Thursday, 07 April 2022 07:19 PM

මට නම් පේන විදියට මේ උද්ඝෝෂණ සියල්ල වතුරේ යන පාටයි. අන්තිමේ මේ ආණ්ඩුව ම තව අවුරුදු 3 තියෙයි. අලුත් ආණ්ඩුව පිහිටුවන්න කාටවත් බැරි නම් ඒක තමා වෙන්නේ .

:       0       0

Rohana Thursday, 07 April 2022 09:28 PM

අහෝ දුකකි. මේ සැප අත්හැරීමේ සිතක් පහල නොවන්නේමය. හිටපු ඇමතිවරු හඩාවැලපෙයි.

:       0       0

රත්නායක Friday, 08 April 2022 05:17 AM

රටට කල සේවයට අපි ඒ වියදම් දරන්නම්

:       0       0

wasantha Friday, 08 April 2022 07:50 AM

මේ උද්ගොෂණ කරන්නේ මෙවැනි ප්‍රශ්න සියල්ල එකවර විසඳාගත යුතු නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site