
(ප්‍රසාද් රුක්මල්)
දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල අද දින දිගු පොලිම් දක්නට ඇත.
හෙට පැවැත්වීමට නියමිත විදුලි වර්ජනය හේතුවෙන් විදුලිය ඇන හිටියහොත් ඊට මුහුණ දීම සඳහා මෙම පිරිස බූමිතෙල් මිලදී ගැනීමට පැමැණ ඇත.
ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසල ද බූමිතෙල් මිලදි ගැනීම සඳහා දිගු පොලිම් දක්නට ලැබුණු අතර බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් බූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටියහ.
දිවයිනේ ඇතැමි ඉන්ධන පිරවුම්හල් වල බූමිතෙල් මිලට ගැනීමට නොමැති බව ද පාරිභෝගිකයෝ පවසයි.

(ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය දැක්ම පෝලිම් යුගයක් කරා.
මදෑ රජෙක් ගෙනාවා! අන්තිමට ඡන්දේ ඉවරවෙලා කාපු කිරිබත් කට විතරයි මිනිස්සුන්ට ඉතුරු වුණේ...
ඉවරයක් නැති පෝලිම්
ඊළඟ පාරත් ඔහොම පෝලිම් වල ඉඳලා චන්දෙ දීපල්ලා කලගුණ සලකන්න
තව ටිකක් ඉවසන්න... මන්නාරමෙන් අපේම භූමිතෙල් නුදුරු අනාගතයේ අපිට ලැබෙනවා කියනවා අපේ ආණ්ඩුව...