
(අංජුල මහික වීරරත්න)
තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් අද(11)පැවසීය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්විණි.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවැති මේ රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වයට අදාළ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිචාරය පිළිබඳ අදහස් ප්‍රකාශ කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ සංවිධානය යළි ගොඩනැංවීමට අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වැදගත් අදහස් රැසක් සාකච්ඡා කිරීම විශේෂත්වයකි.
එසේම අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සංවිධාන සමග ඉදිරි සම්බන්ධීකරණ කටයුතු කරන ආකාරය පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් දැනුවත් කිරීමට පියවර ගැනුණි.
පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගත් පියවර එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශයට පත් කළාය.
එක්සත් ජාතික පක්ෂ සංවිධාන යළි ගොඩනැගීම සහ අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග, සංවිධාන සමග සම්බන්ධීකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් තීරණවලට එළැඹීම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශේෂත්වයක් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෝ මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd