
(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා නාගරික ප්‍රදේශ වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එදිනෙදා නාගරික ප්‍රදේශ කරා එන ජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිලි පද්ධති වලින් සමන්විත සනීපාරක්ෂක පහසුකම් ඉදි කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත පහසුකම් ස්ථාපනය කළ යුතු උචිතස්ථාන නාගරික සංවර්ධන සැලසුම් වලට අනුව හඳුනාගනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 20ක් ඉදි කිරීමට යෝජිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 525.29 ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, පහත සඳහන් ස්ථානවල යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* දෙමෝදර දුම්රිය ස්ථානය
* සීගිරිය හෝටල් මංසන්ධිය
* නුවර වැවරවුම
*ග්‍රෙගරි වැව, නුවරඑළිය
* කින්නියා වෙරළ, ත්‍රිකුණාමලය
* මාබල් බීච්, ත්‍රිකුණාමලය
* නිලාවෙලි වෙරළ ප්‍රදේශය, ත්‍රිකුණාමලය
* පාසිකුඩා, මඩකලපුව
* රුවන්වැලිසෑය රථගාල පරිශ්‍රය
*ලංකාපුර, පොළොන්නරුව
* යාපනයේ කුරිකට්ටුවාන් ජැටි පරිශ්‍රය
*හික්කඩුව වෙරළ තීරය
* සිරිකැටිය, දික්වැල්ල
*පරෙයි වැල්ල වෙරළ උද්‍යානය, තංගල්ල
*ආරුක්කු නවය පාලම, ඇල්ල
*මොරගොල්ල වෙරළ, බේරුවල
* ගල්කිස්ස දුම්රිය ස්ථානය
*මීගමුව වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය, අදියර 1
*බත්තරමුල්ල මංසන්ධිය
* බඩගමුව වන උද්‍යානය, කුරුණෑගල
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තැන් 20ක සනීපාරක්ෂක පහසුකම් දියුණු කරයි
Bunny Preena Wednesday, 02 July 2025 03:00 PM
කොළඹ 14 දිවුල්ගස් හන්දියට සහ ආමර් වීදියට ප්‍රමුඛත්වය දෙන්න.