(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මිමණ නියාගම ජනපදයේ පදිංචි තිදරු මවකගේ ගෙල මන්නා පිහියකින් කපා ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
මෙම කාන්තාව වසර ගණනාවක් සිට ඇසුර කළ පුද්ගලයකු මෙම ඝාතනය සිදුකොට ඇති බවට අනාවරණය වි ඇති බැව් පොලිසිය පවසයි. ඝාතනය කොට ඇත්තේ අක්මිමන නියාගම ජනපදයේ පදිංචි 58 හැවිරිදි වැන්දඹු කාන්තාවකි.
ඇයගේ සැමියා මිය යාමෙන් පසු වසර 15ක පමණ කාලයක සිට මෙම කාන්තාව සමග සැකකරු සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුගේ පාවහන් යුගළය හා විදුලි පන්දම ද එම ස්ථානයේ තිබි පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට ඇත.
මියගිය කාන්තාවගේ මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය අද (04) පැවැත්විමට නියමිතව තිබුණි. අක්මිමන පොලිසිය මෙකි ඝාතනය සම්බන්දව වැඩිදුරපරික්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තිදරු මව ගෙල කපා ඝාතනය කරලා