
(ක.ග කරුණාරත්න)
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඒකච්ජන්දයෙන් තේරිපත්විය.
පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී ඉකුත් දා පැවැත්විණි.
ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතාගේ නම යෝජනාවී ඇත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන මහතා තේරීපත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
හිටුපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භකර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි.ඒ 1969 වසරේදී පමණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා දහම්, තාත්තා ගිය විදියටම යන්න එපා. තව ටිකක් ඇදේට යන්න.
තාත්තලාට පුතාලට රැවටෙන මිනිස්සු තවත් ලංකාවේ නෑ
මැදමූලනේ උදවියගේ පුත්තු ටිකත් අපරාදෙ කියන්ඩ බැහැ තාත්තා ගේ අඩිපාරේ හරි අපූරුවට යනවා.
මෙයාගේ සහයට මර්වින්ගේ පුතාවත් ගන්න කියන්නකෝ.
පුතාගෙ පාර තාත්තා අහුරලා තියෙන්නේ.
මෙයා නේද අර බීච් එකේ පාට් දමපු වීරයා.
මේ පාර ඔක්කොම එනවා. එනපොට හොඳ නැහැ.
මේක හොඳ ඉල්ලමක් පුතේ... ඔය කරන රස්සා අතහැරලා මේකට එන්න කිව්වද?
සිය පියා මෙන් කාරුණික පුද්ගලයෙක් විය යුතුයි. අවැසි වූ විට පමණක් දෙවරක් සිතා දැඩි තීරණ ගත යුතු අතර තම නමට ගැලපෙන පරිදි ජනහිතකාමී නායකයෙකු විය යුතුයි.. ඵ් සඳහා පිළිගත් උගතුන්ගේ අදහස් අනුශාසනා ගැනීම ඉතාම වැදගත්ය. පුතුනි, ඔබට ජය!
තාත්තාගේ පාරේ පුතාට යන්න ජනතාව පාර කපලා දෙන එකනේ පුදුමේ කියන්නේ...
හිටන් හරි කමක් නැහැ... පුතාත් 10 වෙනකොට නිදාගන්න.
පරණ ජොබ් එකට දැන් ඉල්ලුමක් නැතුවද, මේ අලුත් එකක් කරන්න ලෑස්ති වෙන්නේ...?
පම්පරාවෙන් පරම්පරාවට යන රැකියාවක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ?
තාත්තගේ මුහුණමයි.