







(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් හලාවත, තොඩුවාව වෙරළ තීරය උග්‍ර ඛාදනයකට ලක්ව ඇතැයි ධීවරයෝ පවසති.
මේ වන විට වෙරළ තීරය කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් උතුරු දෙසට උග්‍ර ඛාදනයට ලක් වෙමින් පවතින බවද, මේ හේතුවෙන් ධීවර වාඩි රැසක් මුහුදට බිලි වී ඇති බවද ඔවුහු පවසති.
එම ප්‍රදේශයෙන් ගමන් ගන්නා හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ ආසන්නයේ සිය ධීවර යාත්‍රා ගාල්කිරීමට සිදුව ඇති බව පවසන ඔවුහු වෙරළ ඛාදනයෙන් තමන්ට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවී ඇති බව ද කියති.
පවතින තත්වය හේතුවෙන් ඛාදනයට ලක්වෙමින් පවතින වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඛාදනයවීමේ තර්ජනයට ලක්ව ඇති ස්ථාන හඳුනාගෙන පසුව එය වැළැක්වීමට බැකෝ යන්ත්‍ර යොදා මුහුදේ වැලි මගින් වෙරළ පෝෂණය කිරීමට නිලධාරීහු පියවරගනිමින් සිටිති.
තොඩුවාව වෙරළ තීරය දැනටමත් දැවැන්ත ඛාදනයකට ලක්ව ඇති නමුත් එය වැළැක්වීමට හැකි උපරිම උත්සාහ ගන්නා බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොඩුවාව වෙරළ තීරය සුරැකීමේ වැඩපිළිවෙළක්
Nanda Monday, 30 September 2019 04:15 AM
දැන්වත් වෙරළ සුරකින්න මතක් වුණු එක හොඳයි.ඡන්දේ ලඟයිනේ.