
(පද්මසිරි ගාර්දියවසම් )
තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය .
එක් සැකකරුවෙකු මහනුවර ප්‍රදේශයේදී ඊයේ(18) අත් අඩංගුවට ගත් බවත් ඔහු සිද්ධිය ට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවත් පොලීසිය කියයි.
තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එම සැකකරු ළඟ තිබී ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ ටී 56 උණ්ඩ 12 ක් සොයාගත් බවත් පොලිසිය පැවසීය .
ඔහුගෙන් ලබාගත් තොරතුරු මත අනෙක් සැකකරුවන් දෙදෙනා තංගල්ල ලැබීම ප්‍රදේශයේ පාලු නිවසක සැගවී සිටියදී අද (19) අලුයම අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේතරම් දක්ෂ පොලිසිය ෂාෆ්ටර් ගේ මිනී මරුවෝ හොයා ගත්තේ නැත්තේ ඇයි