
(අංජුල මහික වීරරත්න)
නව වසරේ තෑගි මල්ලක් ලෙස ආණ්ඩුව ජනතාවට ලබාදී ඇත්තේ ව්‍යසන මල්ලක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුව ලංකා ආර්ථිකයට කර තිබෙන හානිය මුදල් අච්චු ගසා ජනතාව අතර බෙදාදීමෙන් විසඳා ගත නොහැකි බව කී අබෙිවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ පාලනයක් යටතේ නැවත රට ගොඩනගා සියලු රටවැසියන් පොහොසතුන් බවට පත්කරන යුගය අරඹන බව කීය.
ආණ්ඩුව දුන් සහන මල්ලෙන් රටට ඩොලර් රටට ගලා එන්නේ නැතැයි ද පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් කිසිවක මිල අඩුවෙන්නෙත් නැතැයි ද කී එජාප සභාපතිවරයා කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය පොහොර හෝ මහජනතාවට එදිනෙදා අවශ්‍ය කරන බෙහෙත් වර්ග පැනඩෝල් පෙත්තක් වත් ලැබෙන්නෙ නැතැයි කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් එජාපයේ ඉන්නකම් නැගිටීමක් නැහැ.
රනිල් වික්‍රමසිංහගේ කාලේ කරපු හැටි මිනිස්සු හොඳට දන්නා නිසා තමා ඔයාලා සේරම ගෙදර යැවුවේ. ලෝක වාර්තාවක් තබමින් අගමැති කෙනෙක් පැරදුනාට ලෝකේ කොහෙවත් බලයේ හිටපු අගමැතිට එකඳු ආසනයක්වත් දිනන්න බැරි උණු අවස්ථා නැහැ.මෙහෙ අනුපාත ක්‍රමය තිබිලත් එකක්වත් දිනන්න බැරි උනා
මේ තවත් කුහකයෙක්. මේ අයට දැනෙන්නේ නැහැ.
මිනිස්සුන්ට හැමදේම අමතක වෙලා කියලද හිතන්නේ... දැන් ඉතින් ඔයාලා හැමෝම මොනවා හරි වෙන රස්සාවකට පුරුදු වෙන්න බලන්න...
රටේ සම්පත් හොරා කාලා ආර්ථිකය විනාශ කරපු හොරුන් ආරක්ෂා කරලා දැන් රටේ ආර්ථිකයේ හානිය ගැන කතා කරනවා. මහ බැංකු වංචාවත් ආර්ථිකයට විශාල හානියක්... ගාලු ජනතාව දෙවතාවක් මෙයාව ප්‍රතික්ෂේප කළා...
හැබැයි අපි 2005 ඔහෙලගේ මල්ල ගත්තා නම් එ්කේ රටේ උතුරු, නැගෙනහිර නැතුවයි හම්බ වෙන්නේ? මේ මල්ලේ සුළුජාතීන් නැහැ. එ්කයි හොඳේ...
ප්‍රශ්න කොතරම් තිබුණත් ඔයාලට ආපහු තැනක් නැහැ. කරපුවාට ප්‍රතිඵල ලැබිලයි තියෙන්නේ...