
(අංජුල මහික වීරරත්න)
තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති බව හඳුනාගනු ලැබ ඇත.
එබැවින්, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගා කරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බව රජය පවසයි.
ඒ අනුව, රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000ක සහනයක් සහිතව තේ වගාකරුවන් වෙත ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.