
චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් යැයි මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
එම නීතිමය බාධක ඉවත් කළ පසු සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම් කඩිනම් කරන බවත් මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් මහජන බැංකු අසාදු ලේඛණගත කිරීම පිළබඳව අවධානය යොමු කර ඇති බව කියන මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව එම ණයවර ලිපියට ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වගකිවයුතු ආයතනික පුරවැසියෙක් ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැදී සිටින බැවින් යැයි ද එම නිවේදනය මගින් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අධිකරණ තීන්දු ගන්න චීනාට ඕනෑ විදිහට බැහැ. චීනයෙන් බ්ලැක් ලිස්ට් කළාට අසූචි මිශ්‍ර පොහොර නැවේ කතාව කාටත් රහසක් නොවේ. මේ බ්ලැක් ලිස්ට් කෙරිල්ල කුමක් නිසාද යන්න දන්නෝ දනිති. මේ චීනා මේ දඟලන්නේ අපිව බයකොට අසූචි මිශ්‍ර කොම්පෝස්ට් පොහොර නැව් ගණන් ගෙනැවිත් මේ රටේ පුරවන්න...
දැනටම පේනවා නේද අනවශ්‍ය බලපෑම් කරන ආකාරය... තව තියෙන රටේ සම්පත් ටික දුන්නාම අනාගත දරුවන්ට මොනතරම් කරදර ඇතිවෙයිද? දැන්වත් බුද්ධිමත්ව හිතන්න.
මේ රටේ නීතියට අභියෝග කිරීමට චීන සමාගමකට හා චීන තානපති කාර්යාලයට හයියක් ලැබුනේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. එසේම නිරෝධායන සහතිකය නැතිව ණයවර ලිපිය විවෘත කිරීමට අනුමැතිය දුන්නේ කවුරුන්ද යන්නත් සොයා බලා රට දැනුවත් කරන්න.
ඒ කියන්නේ ගෙනාපු චීන අසූචි වල මොනවා තිබුණත් අධිකරණ නියෝගය නැත්නම් ගෙවීම් කරලා මිලදී ගන්නවා කියලා නේද?
නීතියට උඩින් කවුරුවත් නැහැ...
ඕවා කියන්න චීන තානාපතිටයි... චීන ආණ්ඩුවටයි...